Home Local News Room : හමුදාවේ මාසික සලාකය දහදාහකින් නගී

News Room : හමුදාවේ මාසික සලාකය දහදාහකින් නගී

0
0

සියලු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මාසික සලාක මුදල රුපියල් දසදහසකට ආසන්න මුදලකින් ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්දේශ කර තිබේ.

ආර්ථික අර්බුදය හමුවේ යුද්ධ හමුදා සාමාජිකයන්ට ඇතිවූ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම නිර්දේශය සිදු කොට ඇත.

මේ අනුව සක්‍රිය සේවයේ නියුතු සියලු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මාසික සලාක මුදල 2023 අප්‍රේල් මාසයේ සිට ඉහළ නැංවුණු අතර එය මැයි මාසයේ සිට සියලු ම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ වැටුපට එකතුකරන ලදී.

නමුත් පාලනමය රාජකාරි කටයුතු නිසාවෙන් ලබා දීමට ප්‍රමාද වූ යුද්ධයේදී තුවාල ලබා විශ්‍රාම ගිය සහ මියගිය යුද්ධ හමුදා සාමාජිකයන්ට ලබා දිය යුතු සලාක මුදල මැයි මාසයේදී ඔවුන්ගේ වැටුපට එකතු කිරීමට ප්‍රමාදයක් ඇති විය.

ඔවුනට ලැබිය යුතු අප්‍රේල් මස හා මැයි මාසය සඳහා වන හිඟ සලාක මුදල ඔවුන්ගේ වැටුපට එකතු කර ලබා දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඊයේ (ජූනි 20) කටයුතු කොට ඇතැයි යුද්ධ හමුදා මූලස්ථානය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here