Home Local News Room : “ජනපති මැදුරෙන් පන්නපු බඩු 31දාට පෙර භාර දෙන්න” –...

News Room : “ජනපති මැදුරෙන් පන්නපු බඩු 31දාට පෙර භාර දෙන්න” – ජනාධිපති ලේකම්

10
0

ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු නිල ලාංඡන යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් මේ මස 31 දිනට පෙර ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙසට ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඉල්ලා සිටී.

රාජ්‍ය දේපළ නීති විරෝධී ලෙස තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා සහන කාලසීමාව ඉක්මවා එම නිල ලාංඡන යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සන්තකයේ තබා ගතහොත් ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේ ය.

2022-07-09 දින සිට 2022-07-14 දින දක්වා විරෝධතාකරුවන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, එහි රැඳී සිටි කාල සීමාව තුළදී ජනාධිපති මන්දිරය තුළ පැවැති ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන ඇතුළු කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ රැසක් අතුරුදන් වී ඇතැයි ඒකනායක මහතා පැවසීය.

මේ පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම්, 0112354354 දරන දුරකතන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙස ත්, ජාතික වැදගත්කමකින් යුතු මෙම නිල ලාංඡන සොයා ගැනීමට මහජනතාව දක්වන සහය ඉතා අගය කොට සලකන බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ ය.

පෙර ලිපියනුවර පෞද්ගලික බස් වෙත නිරන්තර G.P.S. ඇස
ඊලග ලිපියබුත්තලට අයිස් වැස්සක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here