Home Local News Room : “පන්සල්වල සිද්ධි සමාජ මාධ්‍යයට දෙන අයටත් නීතිය තදින්” –...

News Room : “පන්සල්වල සිද්ධි සමාජ මාධ්‍යයට දෙන අයටත් නීතිය තදින්” – බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්

3
0

විහාරස්ථානයක ඇතිවන හුදෙකලා සිද්ධි ප්‍රචාරය කිරීමෙන් අනවශ්‍ය ලෙස සමාජය කැලඹෙන බැවින් අනවශ්‍ය ලෙස හැසිරෙන සහ එම සිද්ධි මාධ්‍යයට මුදාහරින පාර්ශවයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය.

කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක සිදුව ඇති සිදුවීම දැනගත් විගස පොලිසිය දැනුවත් කිරීමට පියවර ගත් බව පැවැසූ විදානපතිරණ මහතා ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කීය.

එම සිද්ධියේදී භික්ෂුවගේ හැසිරීමත්, බාහිර පාර්ශවයක් එම ස්වාමීන් වහන්සේ ඇතුළු කාන්තාවන් දෙදෙනාට පහරදීමත් වැරදි බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

මෙවැනි සිද්ධි සමාජ මාධ්‍ය ඇතුළු අනෙකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ගැටලුවක් වී තිබෙන බව පැවසූ අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ එතුළින් අනෙකුත් භික්ෂුන් වහන්සේලා ද අපහසුතාවට පත්වන බව සඳහන් කළේ ය.

නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයේ ඇතිවූ සිද්ධියට භාජන වූ හිමිනම සම්බන්ධයෙන් මහ නායක හිමිවරුන් තීරණයක් ගත යුතු බව ත්, ඒ සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශය මැදිහත් නොවන බව ත් ලේකම්වරයා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here