Home Local News Room : කෲඩියා සිලනිකා: “ගහ ඉවත් කළේ කැබිනට් අනුමැතියෙන්. අනුමැතිය ඉල්ලුවේ...

News Room : කෲඩියා සිලනිකා: “ගහ ඉවත් කළේ කැබිනට් අනුමැතියෙන්. අනුමැතිය ඉල්ලුවේ මම” – කැබිනට් ප්‍රකාශක

0
0

ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවූ කෲඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ශාකය කපා දැමුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් මත බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (ජූලි 11) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අදාළ ගස කැපීම සඳහා තමන් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලූ බව ත් ඒ අනුව, ඒ සඳහා අනුමැතිය ලැබුණු බව ත් ය.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශකවරයා…

“මේ සඳහා මම පුළුල් අධ්‍යනයක් කරලා බැලුවා, බැලුවා ම මට වාර්තා ලබා දුන්නා ව්‍යාපෘතිය අවට අවුරුදු 40ට වඩා වැඩි පඬු කරඳ ගස් 15ක් තියෙනවා. උස අඩි 12යි 15යි අතර ගස් 25ක් තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම්, ඒ අපේ ව්‍යාපෘතිය භාර නිලධාරීන් ඒ ගස් පෙන්නන්න ඕනේ කෙනෙකුට එක්කරන් යන්න පුළුවන්.

ගස් 200ක් මේ එක ගහ වෙනුවට නැවත වගා කරන්න අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. මේ කරුණු ටික මම ගිහිල්ලා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මේක විශාල ජාතික අපරාධයක්, බොරුවක්, මිත්‍යාවක්, රට පුරා ඇති කරලා කඩාකප්පල්කාරී ක්‍රියාවක්. මේකේ මෙච්චර ගස් ගණනක් ඒ අවට තියෙනවා. අලුතෙන් මේ සඳහා උද්භීත විද්‍යාඥයෝ කියනවා ඕනේ තරම් ගාණක් හදලා දෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ ගස කැපීම සඳහා කැබිනට් අනුමැතියක් ලබා දෙන්න කියලා මම කැබිනට් මණ්ඩලයට කිව්වා.

කැබිනට් මණ්ඩලය කිව්වා, දැන් මේ ගස බිලියන 15ක් පාඩු විඳගෙන මෙහෙම ගස් ඕනේ තරම් තියෙද්දී මේ ගස විතරක් ආරක්ෂා කරන්න ජාතික උවමනාවක් වෙනුවෙන් ජාතියේත්, ජාතික ආර්ථිකයේත් යහපත සඳහා කරන කටයුත්තකට ගහ කපන්න අනුමැතිය දුන්නා. කැබිනට් අනුමැතියෙන් තමයි ගහ ඉවත් කරලා තියෙන්නේ. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්.”

මේ අතර, ලෝකයෙන් තුරන් වී ගිය ශාකයක් ලෙස නම් කර තිබියදී ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවූ කෲඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ශාකය කපා දැමීමට එරෙහිව නඩු පැවරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් mawbima.lk වෙත පැවසීය.

ඔහු සඳහන් කළේ, ඊට අදාළව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට අවශ්‍ය ලියකියවිලි සූදානම් කරමින් සිටින බව ය.

එම ශාකය කපා දැමීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර නැතැයි ද ඔහු පැවසීය.

වැඩිදුර කියවන්න:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here