මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගයක් මත විශේෂ කමිටුවක් පත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇත.
බස්නාහිර පළාත තුළ සිදුවන මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අමාත්‍යාංශයට මෙම කමිටුව වාර්තා කළ යුතු බව ද අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
සාමාජිකයන් 8 දෙනෙකුගෙන් යුත් මෙම විශේෂ කමිටුවේ සභාපතිත්වය බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දරන බව ද පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ඒ අනුව, අදාළ කමිටුවට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. ඩී. තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම්. ගුණරත්න, දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. සී. මැදවත්ත, විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ඩබ්ලිව්. එස්. ඊ. ජයසුන්දර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති එස්. පී. රණසිංහ, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ, විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ටී. සී. ඒ. ධනපාල හා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ එන්. සිල්වා පත් කර ඇත.