Home Local News Room : සුඛෝපභෝගී රියකින් පුද්ගලයෙකු යට කර පළා ගිය අලුත්කඩේ නීතිඥවරයෙක්...

News Room : සුඛෝපභෝගී රියකින් පුද්ගලයෙකු යට කර පළා ගිය අලුත්කඩේ නීතිඥවරයෙක් අත්අඩංගුවට

0
0

මහනුවර, හාරගම, සිංහාරගම මංසන්ධිය ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පුද්ගලයෙකු යට කර පළා ගිය නීතිඥවරයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (අගෝ. 30) රාත්‍රි 7.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව ත් අනතුර වූ පසුව සැකකරු මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇති බව ත් අප වාර්තාකරු පැවසීය.

තලාතුඔය පොලිසිය මගින් සෙසු පොලිස් ස්ථාන දැනුවත් කිරීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර විශේෂ රාජකාරි සඳහා පැමිණි සිටි විල්ගමුව හා කන්දෙනුවර පොලිස් ස්ථානවල නිලධාරීන් මහනුවර, මහයියාව ප්‍රදේශයේ තිබී මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

අනතුර සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 15ක පමණ දුරක් ඒ වන විට අදාළ නීතිඥවරයා විසින් මෝටර් රථය ධාවනය කරනු ලැබ ඇති බව අප වාර්තාකරු පැවසීය.

ඔහු 28 හැවිරිදි කොළඹ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සේවයේ යෙදෙන ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මහනුවර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

සැකකරු අද (අගෝ. 31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මේ පිළිබඳව තලාතුඔය පොලිසිය වැඩිදුර විමර්ශනය කරයි.

  • සරත් උළුවිටිකේ – හේවාහැට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here