ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අද (සැප්. 8) පස්වරුවේ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට පැමිණෙන්නැයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර හැර සෙසු ආසන සංවිධායකයන්ට දැනුම් දී ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ‘මව්බිම’ට පැවසීය.
පඬුවස්නුවර ආසන සංවිධායක ධුරය දයාසිරි ජයසේකර දරයි.
ඔහු මහලේකම් ධූරයෙන් ඉවත් කිරීමට සහ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ගෙන ඇති තීරණයත් සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු ආසන සංවිධායකවරුන් ගෙන්වා පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට සභාපතිවරයා මේ විශේෂ රැස්වීම කැඳවා ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.
මේ අතර, පක්ෂයේ සංවිධායක ධූරවල ද යම්කිසි වෙනසක් සිදු වනු ඇතැයි ද ඔහු කීය.
එමෙන් ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ද එළඹෙන සඳුදා (සැප්. 11) දිනයේදී කැඳවා ඇතැයි ද හෙතෙම පැවසීය.
මෙම රැස්වීමට ආරාධනා නොලද පඬුවස්නුවර සංවිධායකයා වන්නේ, පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යි.