Home Local News Room : බදුල්ල පිළිකා ඒකකයේ ඉදිකිරිම් අවසන් කරන්න රු. ලක්ෂ 750ක්...

News Room : බදුල්ල පිළිකා ඒකකයේ ඉදිකිරිම් අවසන් කරන්න රු. ලක්ෂ 750ක් වැය කරන දානපතියා

2
0

වසර 2 කට ආසන්න කාලයක් ඉදකිරීම් ඇනහිට ඇති බදුල්ල මහ රෝහලේ නව පිළිකා  සායන සංකීර්ණ ගොඩනැගිල්ලේ  ඉතිරි ඉඳකිරීම් සදහා අවශ්‍ය රුපියල් ලක්ෂ 750 ක මුදල ලබාදීමට  කොලඹ නාවල පදිංචි හිලරි විශ්වජිත් පෙරේරා මහතා කටයුතු කර තිබේ.

ඔහුගේ පියා ජිවිතක්ෂයට පත්වී ඇත්තේද පිළිකාවකිනි. දෙමාපියන්ට පින් පිණිස මෙම පරිත්‍යාගය සිදුකර බව  විශ්වජිත් මහතා  පැවසීය.

මහියංගන සේරාන ගම්වැසියන් පිළිකාවලින් බේරාගැනීමසදහා රුපියල් මිලියන හතරහ මාරක වියදමින් මීට ජල පිරිපහදුවක් ලබාදීමට ද  විශ්වජිත් මහතා කටයුතු කර තිබේ

ඌව පළාතේ මෙන්ම නැගෙනහිර පළාතේත් මධ්‍යම පළාතේ නුවරඑළියෙන් හා දකුනු පළාතේ හම්බන්තොටින් ද ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට පැමිණෙන බව මෙහි අධ්‍යක්ෂ උපුල් කරුණරත්න මහතා පැවසීය 

දැනට ඇති පිළිකා ඒකකයේ ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම නිසා කොරිඩෝවේ මෙන්ම එළි මහනේ ‍දෙතුන් සීයක් රෝගීන්  පීඩා විඳික බවද  කරුණාරත්න මහතා සඳහන්කළේය.

ඊට  විසදුම් ලෙස  නව  සය මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භකර  ඇත්තේ 2019 වසරේිය.

එහෙත් පසුගිය කාලයේ රටතුල ඇතිවූ ආර්ථික අර්බුධය නිසා  වසර දෙකකට ආසන්න කාලයක් තිසසේ මුදල් නොලැබීම නිසා එම   ගොඩනැගිල්ලේ ඉඳිකිරීම නතරවී තිබිණ.

මේ පිළිබදව  තමා විසින් තම හිතුවතෙකු වන හිලරි විශ්වජිත් පෙරේරා මහතාගේ අවධානය යොමුකරවමින් කළ  ඉල්ලීමක අනුව ඔහු විසින් මෙම ඉදිකිරීමේ වියදම  බාරගත් බව හිටපු කැබිනට් ඇමතිවරයෙක් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පැවසීය.

ඇනහිට ඇති ගොඩනැගිල්ලේ ඉදිකිරිම් රෝහල් බලධාරින්ගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එකගතාවයමත විශ්වජිත් මහතාගේ වියදමින් ඉදිකිරීමට මේ අනුව  පියවරගෙන තිබේ.

නැවත  ඉදිකිරීම් කටයුතු 12 වනදා ආරම්බ වූ අතර  එය සංඛේතවත් කරමින්  කොට බිත්තියක සිමෙන්ති බදාම ඇතිරීම    හිලරි  පෙරේරා , බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ උපුල් කරුණාරත්න  සහ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන නමහත්වරුන් විසින් සිදුකළහ.

පාලිත ආරියවංශ

The post බදුල්ල පිළිකා ඒකකයේ ඉදිකිරිම් අවසන් කරන්න රු. ලක්ෂ 750ක් වැය කරන දානපතියා first appeared on Lakbima.net.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here