හෙද සේවාවේ පවතින පුරප්පාඩු සඳහා 1,000 දෙනෙකු වහා ම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මේ වන විට 3000ක පමණ හෙද පුරප්පාඩු ගණනක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින බව ය.
ගෙවුණු වසර දෙක තුළ සීමාවාසික වෛද්‍ය පත්වීම් 3463ක් ද, පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 2648ක් ද, හෙද පත්වීම් 2791ක් ද, හෙද විදුහල්වලට බඳවා ගැනීම් 3316ක් සිදු කර ඇත.
එසේ ම වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් 238ක් ද, විකිරණ ශිල්පීන් 38ක් ද, වෘත්තිය චිකිත්සකයින් 45ක ගණනක් ද බඳවා ගෙන ඇති බව ද අදාළ නිවේදනයේ තවදුරට ත් සඳහන් කර තිබේ.
එමෙන් ම, සෞඛ්‍ය කාර්යය සහයක ලෙස බහුකාර්ය සහයකයින් 1000ක් ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට පසුගිය මාස කිහිපය තුළ බඳවා ගෙන ඇත.
එසේ ම රට තුළ ඖෂධ තොග පවත්වාගෙන යාම මාස 03-04ක කාලයකට නොව වසරක කාලයක් සඳහා තබා ගැනීමේ වැඩපිළිවෙළ ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම හා අත්‍යවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව සෞඛ්‍ය පද්ධතියට මුදාහැරීමට කටයුතු කරන ලෙස ත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මෙම ප්‍රතිපත්තිය අනුව ඖෂධ ඇණවුම් කිරීමේදී කෙටි කාලයක් සඳහා ඖෂධ ඇණවුම් නොකරන බව ත් ඉදිරි සති කිහිපය තුළ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු අනෙකුත් ඖෂධවල පවතින හිඟතාව සපුරාලීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නා බව ත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.