Home Local News Room : නවක වධය ගැන දැනුම් දෙන්න විශේෂ දුරකතන අංකයක්

News Room : නවක වධය ගැන දැනුම් දෙන්න විශේෂ දුරකතන අංකයක්

2
0

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වධ සිද්ධි සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පොලිසිය විශේෂ දුරකතනය අංකයක් හදුන්වා දී තිබේ.

ඒ අනුව, 076 545 3454 වට්සැප් දුරකතන අංකය ඔස්සේ එම තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසීය.

ඔහු සඳහන් කළේ, එම අංකය වෙත අදාළ සිදුවීම් සම්බන්ධ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ද යොමු කළ හැකි බව ය.

ඊට අමතරව 1997 අංකයට ද නවක වධ සිද්ධි පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකි බව ඔහු පැවසීය.

එම සේවාව දවසේ පැය 24 පුරා ම ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

වැඩිදුර කියවන්න:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here