Home Local News Room : ‘ඩයනාට පහරදීම’: ඇත්ත කියන්නේ ඩයනා ද? සුජිත් ද?

News Room : ‘ඩයනාට පහරදීම’: ඇත්ත කියන්නේ ඩයනා ද? සුජිත් ද?

2
0

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සහ රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුව පත් කරමින් කතානායකවරයා සඳහන් කර ඇත්තේ, තමා වෙත දෙපාර්ශවයෙන් ම ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ය.

ඒ අනුව, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ සභාපතීත්වය දරන එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක සහ ඉමිතියාස් බාකීර් යන මන්ත්‍රීවරුන් පත් කර ඇත.

මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා ද අද (ඔක්. 20) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

එහිදී ඔහු සඳහන් කළේ, එවැනි පහර දීමක් සිදු නොවුණු බව ය.

“එහෙම කිසි ම දෙයක් සිද්ධ වුණේ නැහැ. අපි පාර්ලිමේන්තුවේ බිම් මහලට යනකොට එතුමිය ඉතාමත් අසභ්‍ය වචනවලින් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මැතිතුමා එක්ක විවාදය ඇති කර ගෙන තිබුණා. ඉතින් ඒ අවස්ථාවේ මම කිව්වා, ‘මන්ත්‍රීතුමිය, කරුණාකරලා මේ වගේ දේවල් කරන්න එපා’ එතුමියට යන්න කියලා. නමුත් එතුමිය ඒක ඇහුවේ නෑ. එතුමිය ඊට පස්සේ මට පහර දෙන්න උත්සහ දැරුවා. ඒ අවස්ථාවේදී මම පහර දීම වැළැක්වීමට විතරයි කටයුතු කෙරුවේ.”

එහි ඇති සීසීටීවී දර්ශන පරික්ෂා කරන්නේ නම්, සැබෑ තත්ත්වය අවබෝධ කර ගත හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

වැඩිදුර කියවන්න:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here