Home Local News Room : හරක් කටාට, කුඩු සලිඳුට කමාන්ඩෝ ඇඳුම් අන්දවා CIDයෙන් පන්නන...

News Room : හරක් කටාට, කුඩු සලිඳුට කමාන්ඩෝ ඇඳුම් අන්දවා CIDයෙන් පන්නන සැලසුමක්

2
0

ත්‍රස්තවාදීන් එල්ල කරන ආකාරයේ මහ පරිමාණ ප්‍රහාරයක් සිදු කර හරක් කටා හෙවත් නඳුන් චින්තක සහ කුඩු සළිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ සැකකරුවන් රහස් පොලිස් භාරයෙන් පැහැර ගෙන යාමට කළ සූක්ෂ්ම සැලසුමක් සම්බන්ධයෙන් ලද තොරතුරු මත හමුදා සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම සැකකරු රඳවා සිටිනා ස්ථානයට කඩා වැදී රසායනික ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් නිදහස් කරගෙන යෑමට පූර්ණ සැලසුමක් සකස් කර ඇති බව අනාවරණය වී ඇති අතර මේ සඳහා පෙර පුහුණු සහිත කණ්ඩායමක් යොදා ගැනීමට සැලසුම් කර තිබූ බව අනාවරණය වේ.

මේ වන විට අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (ඔක්. 24) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වහා ම විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

  • කීර්ති මෙන්ඩිස්, කුමුදු උපුල් ශාන්ත
පෙර ලිපියඅලුත් යුගයකට රට ගෙනයෑමට සූදානම් වෙමු
ඊලග ලිපියකොළඹ කැළඹූ වෙඩිල්ල පත්තු වූ ඇත්ත හේතුව නාකොටික් හෙළි කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here