Home Local News Room : කාන්තා පොලිස් නිලධාරීන්ගේ බෙල්ල මිරිකූ පොලිස් මැරයාට වැඩ වරදී...

News Room : කාන්තා පොලිස් නිලධාරීන්ගේ බෙල්ල මිරිකූ පොලිස් මැරයාට වැඩ වරදී – Lanka Truth | සිංහල

2
0

කාන්තාවන් දෙදෙනෙකු සහභාගී වූ නිහඬ පා ගමනක් අත්තනෝමතික පොලිස් බලය යොදවා මර්දනය කරන අවස්ථාවේ දී කාන්තා පොලිස් නිලධාරීන් දෙනෙකුගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කළ පොලිස් නිලධාරියාට එරෙහිව අංශ ගණනාවක විරෝධය එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිසියේ උසස්ම නිලධාරිනියකගේ දැඩි අවධානය යොමු වී ඇති අතර සිවිල් කාන්තා සංවිධාන රැසක් මේ පිළිබඳව අධිකරණයට යාමට සැලසුම් කරන බව ද වාර්තා වේ.

මානව හිමිකම් කොමිෂන් සභාව, ළමා හා කාන්තා කාර්යංශය යන ආයතනවලට මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට තරම් සාක්ෂි සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝ මගින් හෙළිවී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව ඉහළම පොලිස් නිලධාරිනියක් මැදිහත්වීමෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස අභ්‍යන්තර ක්‍රියාමාර්ග ගෙන ඇති බවද අනාවරණය වේ.

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here