Home Local News Room : ප්‍රමිතිය පහළ ගියා! ලෝකයේ ලංකා තේ සන්නාමය විනාශයි! ගෝඨාගේ...

News Room : ප්‍රමිතිය පහළ ගියා! ලෝකයේ ලංකා තේ සන්නාමය විනාශයි! ගෝඨාගේ පොහොර තහනමෙන් තේ වගාවට වෙච්ච විනාශය සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)

11
0

පොහොර තහනම් කොට, ප්‍රායෝගික නොවන ලෙස කාබනික පොහොර වැඩසටහනක් රැගෙන ඒම හේතුකොට ගෙන ලොව ප්‍රමුඛ පෙළේ තේ සන්නාමය පැවති ලංකාවේ තේ වෙළඳපොළ අසාමාන්‍ය ලෙස කඩා වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

27/2 යටතේ ප්‍රශ්නයක් යොමුකරමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

මේ වන විටත් විශාල තේ වතු නිසරු බිම් බවට පත්ව ඇති බවත්, තේ කර්මාන්ත ශාලා බලවත් කඩාවැටීමකට ලක්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, පොහොර මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත්, ඒ අතර තේ වල ප්‍රමිතිය පහළ ගොස් ඇති බවත් පැවසූ අතර මේ තත්වයෙන් තේ කර්මාන්තය මුදවා ගැනීම උදෙසා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරුණු ලැබීය.

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here