Home Local News Room : මම ඩයි ගාලා නෑ! මම වයස හංගන්නෙ නෑ! මට...

News Room : මම ඩයි ගාලා නෑ! මම වයස හංගන්නෙ නෑ! මට වඩා වැඩිමල් මහින්ද! එයා ඩයි ගාලා! ආණ්ඩුවේ මුල් පෙළේ ඉන්න ඔක්කොම ඩයි ගාලා! මෙන්න කතාව! (VIDEO)

5
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අයවැය දැඩිව විවේචනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

ඒ මහතා කියා සිටියේ අද රටේ ඇති කිසිදු ප්‍රශ්නයකට මෙවර අයවැයෙන් විසදුම් ඉදිරිපත් කොට නොමැති බවකි.

මෙම කතාව අතරවාරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජගත් කුමාර මහතා කිරිඇල්ල මහතාට බාධා කරමින් හිසකේ පැසුණු අයකු බව පැවසීමත් සමග ඊට කිරිඇල්ල මහතා අපූරු පිළිතුරක් ලබා දුන් ආකාරයක් දැකගත හැකි විය.

හෙතෙම කියා සිටියේ ‘මම ඩයි ගාලා නෑ.. මම වයස හංගන්නෙ නෑ.. මට වඩා වැඩිමල් මහින්ද… එයා ඩයි ගාලා.. ආණ්ඩුවේ මුල් පෙළේ ඉන්න ඔක්කොම ඩයි ගාලා…’ යැයි කියාය.

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here