16
හමාස් සංවිධානය විසින් ප්‍රාණඇපයට ගනු ලැබූ ඊශ්‍රායල ජාතිකයන්ගෙන් ඉතිරිව සිටින 10 දෙනකු නිදහස් කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ දින 60ක සටන් විරාම යෝජනාව පිළිබඳ කටාර් රාජ්‍යයේ සාකච්ඡා ආරම්භ වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සාම මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන කාටර් සහ ඊජිප්තුවේ නියෝජිතයන් නව සටන් විරාම ගිවිසුමකට දෙපාර්ශ්වය එකඟ කර ගැනීම සඳහා බලවත් උත්සාහයක නිරත වන බව ද අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමේ පළමු අදියර පසුගියදා නිමාවට පත්වීමෙන් පසු ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම වැළැක්වීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බවත්, ගාසා තීරයේ විදුලි සැපයුම ද අත්හිටුවා ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. මේ වනවිට 12 වැනි දිනයටත් ගාසා තීරයට ආහාර, ඉන්ධන සහ වෛද්‍ය පහසුකම් සැපයුම නැවැත්වීමෙන් රමලාන් උපවාසයේ නිරතව සිටින දහස් සංඛ්‍යාත පලස්තීන ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි ද වාර්තා වේ.