Home World News Room : චීන සහ විදේශීය තාරකා විද්‍යාඥයින්‍‍ගේ නව ජයග්‍රහණයක්

News Room : චීන සහ විදේශීය තාරකා විද්‍යාඥයින්‍‍ගේ නව ජයග්‍රහණයක්

0
0

චීන සහ විදේශීය තාරකා විද්‍යාඥයින් එක්ව ක්ෂීරපථයේ අන්තර් තාරකා දූවිලි ව්‍යාප්තිය සහ ලක්ෂණ පිළිබඳ ත්‍රිමාණ සිතියමක් නිකුත් කරයි.

එය ජාත්‍යන්තර අධ්‍යයන සඟරාවක් වන Science සඟරාවේ අද(14)පළ කෙරිණ.

අන්තර් තාරකා දූවිලි ක්ෂීරපථයේ වැදගත් අංගයකි. ක්ෂීරපථයේ ව්‍යුහය, ගොඩනැගීම සහ පරිණාමය අවබෝධ කර ගැනීම සඳහා අන්තර් තාරකා දූවිලිවල ව්‍යාප්තිය සහ ලක්ෂණ පිළිබඳ පර්යේෂණ ඉතා වැදගත් වේ. එහි ත්‍රිමාණ ව්‍යාප්තිය නිරූපණය කිරීම තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ වැදගත් අභියෝගයක් වී ඇත.

මෑතකදී, ජර්මනියේ MPIA ආයතනයේ චීන ආචාර්ය උපාධි ශිෂ්‍යයෙකු වන Zhang Xiangyu මහතා සහ ඔහුගේ උපදේශක ආචාර්ය Gregory Green මහතා එක්ව එම ත්‍රිමාණ සිතියම නිර්මාණය කළහ. එය තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ, ක්ෂීරපථයේ පරිණාමය, විශ්වවිද්‍යාව ඇතුළු පර්යේෂණ සඳහා නව ඉදිරි දර්ශනයක් සපයනු ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here