Home Sport News Room : මත්ද්‍රව්‍ය උවදුර පිටුදකින්න දැවැන්ත පාපන්දු වැඩමුළුවක්

News Room : මත්ද්‍රව්‍ය උවදුර පිටුදකින්න දැවැන්ත පාපන්දු වැඩමුළුවක්

0
0

රත්නපුර නගරය ආසන්නයේ තිබෙන පාසල් 35ක පාපන්දු ක්‍රීඩාවට උනන්දුවක් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500කගේ සහභාගිත්වයෙන් මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ දේශනයක්, පාපන්දු පුහුණු වැඩසටහනක් සහ අවසානයේ මුල් පෙළේ පාපන්දු තරගයක් නැරඹීමට අවස්ථාව උදාකරදීමට රත්නපුර දිස්ත්‍රික් ප්‍රවීණයන්ගේ පාපන්දු සංගමයේ සභාපති දේශබන්දු, ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගලගෙදර මහතා සූදානම් වේ. ඒ මහතා සභාපති ධුරයට පත් වීමෙන් පසූ සිදුකරනු ලබන ප්‍රථම වැඩසටහන හෙට (15) රත්නපුර සීවලී ක්‍රීඩා පිටියේදී සවස 3ට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙදින වැඩසටහනට සහභාගිවන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500කට රුපියල්1500ක් වටිනා තෑගි වවුචර් 1500 ක් ලබාදීමට සූදානම් වේ. එමෙන්ම මේ වැඩසටහනට සහභාගි වන පාසල් 35ට පාපන්දු ප්‍රදානය කිරීමද සිදු කෙරේ. ඉතාලියේ නාපෝලි නුවර පාපන්දු ඇකඩමියක් සමඟ එක්වී රත්නපුර නගරයේ ආරම්භ කරන ප්‍රථම වෘත්තීමය පාපන්දු ඇකඩමියක් වන MG පාපන්දු ඇකඩමියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් බඳවා ගැනීම ද එහිදී සිදු වේ.

පස්වරුවේ කොළඹ සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා පාපන්දු කණ්ඩායම සමඟ අතර ප්‍රදර්ශන පාපන්දු තරගයක් පැවැත්වේ. මේ වැඩමුළුවට පූර්ව අනුග්‍රාහකත්වය රත්නපුර පොලිස් කොට්ඨාසය, රත්නපුර දිස්ත්‍රික් ප්‍රවීණයන්ගේ පාපන්දු සංගමය, රත්නපුර මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයන් සහ රත්නපුර තරුණ ප්‍රජාව මඟින් සිදු කෙරේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here