3
ලෝක ආර්ථිකයේ බලවත්ම රටවල් දෙක අතර වෙළෙඳ යුද්ධය ආරම්භ කරමින් අමෙරිකාව සහ චීනය තීරු බදු ගැටුමකට පැටලී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පෙර නොවූ විරූ අයුරින් උපරිම තීරු බදු අය කිරීමට පියවර ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් 104%ක තීරු බද්දක් පනවා ඇතැයි ද, ඊට ප්‍රතිචාර දැක්වූ චීනය අමෙරිකාවෙන් ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා 84% දක්වා තීරු බදු ඉහළ නැංවූ බව නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. අමෙරිකාවේ තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව පළිගන්නා ඕනෑම රටකට වහාම සැලකිය යුතු ලෙස ඉහළ තීරු බද්දකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර සියලු රටවලට අනතුරු අඟවා තිබූ අතර, චීනය ඊට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේ වුවද අමෙරිකාවට අපනයන කරනු ලබන්නේ එරට සමස්ත ආර්ථිකයෙන් 2%ක වටිනාකමින් යුතු භාණ්ඩ ප්‍රමාණයක් බැවින් අමෙරිකාව විසින් පනවනු ලැබූ 104%ක තීරු බදු අය කිරීමෙන් චීනයට සැලකිය යුතු ආර්ථික හානියක් සිදු නොවන බවද ලෝක ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබේ.