Home Local News Room : QR ගෙවීම් දිරිගන්වයි..

News Room : QR ගෙවීම් දිරිගන්වයි..

4
0


මෙරට ඩිජිටල්
ආර්ථිකයේ නව සන්ධිස්ථානයක්
සනිටුහන් කරමින් “ජාතික
QR
ගෙවීම්
ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය
“ජනාධිපති
අනුර කුමාර දිසානායක මහතාගේ
ප්‍රධානත්වයෙන් හෙට
(06)
නිල වශයෙන්
දියත් කෙරේ
.

ශ්‍රී
ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය
අවම වූ
(cash-lite) ආර්ථිකයක්
කරා මෙහෙයවීම මෙහි මූලික
අරමුණයි
. ඒ
අනුව හෙට සිට ක්‍රියාත්මක වන
පරිදි
, රුපියල්
5,000 දක්වා
වූ සියලුම
LankaQR ගනුදෙනු
සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු
ලබන සේවා ගාස්තුව
(Merchant
Discount Rate) සම්පූර්ණයෙන්ම
ඉවත් කිරීමට මූල්‍ය ආයතන
කටයුතු කර ඇත
. මෙහි
අරමුණ වන්නේ කුඩා පරිමාණ
වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින්
තොරව ඩිජිටල් ගෙවීම් භාර
ගැනීමට අවස්ථාව ලබා දීමයි
.

මේ
වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා
ශක්තිමත් ඩිජිටල් මූල්‍ය
යටිතල පහසුකමක් පවතින අතර
,
මෙරට වැඩිහිටි
ජනගහනයෙන්
89%කට
බැංකු පහසුකම් පවතී
.
එමෙන්ම එක්
කාර්තුවක් තුළ රුපියල් ට්‍රිලියන
6.3ක
වටිනාකමකින් යුත් ගනුදෙනු
මිලියන
68ක්
සිදු කරන
CEFTS පද්ධතිය
මෙන්ම
, මූල්‍ය
ආයතන
20කට
අධික සංඛ්‍යාවක සහයෝගය ඇතිව
වෙළෙඳ මධ්‍යස්ථාන
450,000ක
පිළිගැනීමට ලක්ව ඇති
LankaQR
පද්ධතියද
අද වන විට සක්‍රීයව පවතී
.
කෙසේ වෙතත්,
තවමත් ආර්ථිකය
තුළ රුපියල් ට්‍රිලියන
1.48ක
මුදල් නෝට්ටු සංසරණය වන අතර
,
2025 තුන්වන
කාර්තුව වන විට
LankaQR මඟින්
සිදු වූයේ මසකට රුපියල්
395,000ක
පමණ වූ ඉතා සුළු ගනුදෙනු
ප්‍රමාණයකි
. මෙම
පරතරය අවම කිරීම සඳහා හෙට
ඇරඹෙන ව්‍යාපෘතිය යටතේ විශේෂ
උපායමාර්ග කිහිපයක් ක්‍රියාත්මක
වේ
.

එමෙන්ම,
QR භාවිතය
දිරිමත් කිරීම සඳහා පාරිභෝගිකයන්
සහ වෙළෙඳුන් වෙනුවෙන් විශේෂ
දිනුම් ඇදීමේ වැඩසටහනක්ද
ක්‍රියාත්මක වන අතර
,
එහිදී සතිපතා
සහ මාසිකව පළමු
, දෙවන
සහ තෙවන ජයග්‍රාහකයින් සඳහා
රුපියල්
1,000,000 දක්වා
වූ වටිනා ත්‍යාග දිනා ගැනීමට
අවස්ථාව හිමි වේ
. මෙම
වැඩසටහනේ සාර්ථකත්වය උදෙසා
සිංහල
, දෙමළ
සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම
ජාතික මට්ටමේ ප්‍රචාරණ
ව්‍යාපාරයක්ද හෙට සිට ආරම්භ
කෙරෙන අතර දිස්ත්‍රික්ක
25ම
ආවරණය වන පරිදි සැකසූ
“සමාජ
දෘශ්‍යතා දර්ශකය
”
(Social Visibility Index) මඟින්
මෙම වැඩසටහනේ විනිවිදභාවය
සහ සාධාරණත්වය සහතික කර ඇත
.

මෙම
වැඩසටහන ශ්‍රී ලංකාව හුදෙක්
තාක්ෂණික පියවරක් තැබීම පමණක්
නොව
, රටේ
අනාගත ගෙවීම් පද්ධතිය ඩිජිටල්
සහ සියලු දෙනා ඇතුළත් ආර්ථිකයක්
බවට පත් කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි
සුවිශේෂී පියවරකි
. QR
ගනුදෙනු
ආරම්භ කිරීම ඔස්සේ වේගවත්
,
ආරක්ෂිත සහ
විනිවිදභාවයකින් යුතු ඩිජිටල්
ගෙවීම් හුරුපුරුද්ද ඇති කරමින්
කුමන ප්‍රදේශයක ජීවත්වුවද
,
කුමන භාෂාවක්
කතා කළද රටේ සෑම පුරවැසියෙකුම
ඩිජිටල් ආර්ථිකයේ කොටස්කරුවන්
කරගැනීම රජයේ අපේක්ෂාවයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here