Home Local News Room : ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට දැඩි විරෝධයක්..

News Room : ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට දැඩි විරෝධයක්..

0
0

 වත්මන්
රජය හා ක්‍රීඩා අමාත්‍යාංශය
වැරදි තීරණ ක්‍රියාත්මක කර
නුවරඑළිය ජාත්‍යන්තර ක්‍රීඩාංගනය
විනාශයට ඇද දමා ජනතාව අන්ධන
බොරු සංවර්ධන ප්‍රකාශ සිදු
කල බව පවසා ක්‍රීඩා අමාත්‍යවරයාගේ
සංවර්ධන යෝජනාවකට නුවරඑළිය
මහ නගර සභාවේ විපක්ෂයේ සහ
නුවරඑළිය සුරැකීමේ සංවිධානයෙන්
දැඩි විරෝධයක් එල්ල වේ
.

පසුගිය
ජාතික ක්‍රීඩා උළෙලේ සමාරම්භක
උත්සවයේදී නුවරඑළිය මහ නගර
සභා
8ක්‍රීඩාංගනයේ
ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක්
බවට පත්කිරීමට තම රජය කටයුතු
කරන බව පවසමින් ජනතාව මුළා
කිරීමට වත්මන් රජයේ ක්‍රීඩා
අමාත්‍ය සුනිල් ගමගේ ප්‍රකාශ
කලත් මෙම ක්‍රීඩාංගනය කිසි
දාක සංවර්ධනය කරන්න බැරි තරම්
මෝඩ වැඩක් සිදුකර ඇති බව
නුවරඑළිය මහ නගර සභාවේ ස
..
නාගරික මන්ත්‍රී වික්‍රමසිංහ
සහ නුවරඑළිය සුරැකීමේ සංවිධානයේ
සාමාජික නාලක දිනේෂ් රත්නායක
චෝදනා කරයි
,

ඔවුන්
මේ බව කියා සිටියේ පසුගියදා
ජාතික ක්‍රීඩා උළෙලේ සමාරම්භයේදී
වත්මන් තරුණ කටයුතු හා ක්‍රීඩා
අමාත්‍ය සුනිල් ගමගේ මහතා
සිදුකළ ප්‍රකාශයට සිය විරෝධතාවය
මාධ්‍යය වෙත ප්‍රකාශ කරමිනි
,

මාධ්‍යය
වෙත අදහස් දැක්වූ නුවරඑළිය
මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ
නාගරික මන්ත්‍රී තිළිණි
වික්‍රමසිංහ සහ නුවරඑළිය
සුරැකීමේ සංවිධානයේ සාමාජික
නාලක දිනේෂ් රත්නායක
,

ක්‍රීඩා
විෂය භාර අමාත්‍යවරයා මහජනතාව
මුලා කරමින් කිව්වේ නුවරඑළිය
ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර
ක්‍රීඩාංගනයක් බවට පත් කරනවා
කියලා
,

මේක
ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක්
වෙනවා දකින්න අපිත් ආසයි
නුවරඑළියේ ඉපදිලා නුවරඑළිය
හැදුණු වැටුණු මිනිස්සු විදිහට
,

මෙම
ක්‍රීඩාංගනයේ ඉහළ උන්නතාංශ
ක්‍රීඩාංගනයක් බවට පත් කිරීමට
කලින් රජයන් වුල්ගල් පහකට
වැඩිය තියලා තියෙනවා
,

ඒත්
කිසිම වැඩක් වෙලා නැහැ වෙලා
තියෙන්නේ තිබ්බ මුල් ගල් ටික
පැල වෙච්ච එක විතරයි
,

වත්මන්
ක්‍රීඩා අමාත්‍යවරයා මේක
සංවර්ධනය කරනවා කියලා කියන්නේ
මෙම ක්‍රීඩාංගණයේ කවදාවත්
සංවර්ධනය කරන්න බැරි තරම් වූ
මෝඩ වැඩක් සහ ගොන් තීරණයක්
වත්මන් රජයෙක් එකතු ක්‍රියාත්මක
කරලා
,

නුවරඑළිය
මහ නගර සභාවෙන් ද්විත්වා
ආපදාවට ලක් වූ ජනතාවට නිවාස
හදන්න සුදුසු ඉඩමක් සභා
අනුමතයකින් වෙන් කරලා තියෙනවා
,


තියෙද්දි තමයි මේ ජාත්‍යන්තර
මට්ටමින් වටිනා ක්‍රීඩාංගනයක්
මැද මුඩුක්කු ආකාරයේ ලයම්
පේළියක් තාවකාලික ඉදිකිරීමක්
ලෙස පවසමින් හදලා තියෙන්නේ
,

මේ
තාවකාලික ඉති කිරීමක් කිව්වට
සම්පූර්ණයෙන්ම සිමෙන්ති
වලින් තමයි හදන්නේ
,

නුවරඑළියේ
මීට කලිනුත් මේ වගේ තාවකාලික
කියලා හදපු ගොඩනැගිලි තවමත්
කඩලා නැහැ ඒවා කාලයත් එක්කම
ස්ථීර වෙනවා
,

ක්‍රීඩා
විෂය භාර ඇමතිවරයා එයාගේ
කතාවෙදි කියනවා නුවරඑළිය
දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයා හා අධ්‍යාපන
නියෝජ්‍ය අමාත්‍ය මදුර
සෙනෙවිරත්න මහතාගේ සහයෝගයත්
මේ කරනු ලැබෙයි කියලා
,

අපි
කියන්න කැමතියි මේ මෝඩ තීරණය
ක්‍රියාත්මක කරන්න මේ ජාත්‍යන්තර
මට්ටමේ ක්‍රීඩාංගණය සුදුසුයි
කියලා නම් කරලා තියෙන්නේ ඒ
නියෝජ් ඇමතිවරයාගේම බිරිඳ
වන නුවරඑළිය අතිරේක දිස්ත්‍රික්
ලේකම්
(ඉඩම්)
තුමිය
,

මේ
ගෙවල් ඉදිකරලා තියෙන කිසිම
ප්‍රමිතියකින් තොරව වගේම
කිසිම සැලසුමකින් තොරව
,

මෙම
නිවාසවල මළචල පද්ධතිය මුදා
හරින්නට කටයුතු කරලා තියෙන්නෙත්
ග්‍රෙගරි වැවට
,

ලෝකෙ
වටින්නේ දෙස් විදෙස් සංචාරකයන්
නුවරඑළියට එන්නේ පිරිසිදු
වාතයක් එක්ක සුවපහසුව ගතකරන්න
,

ඉදිරියට
එයාලට වෙන්නේ අසූචි නාගෙන
ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරි
වල යන්න
,

අපි
රජයෙන් ඉල්ලන්නේ මෙවන් වූ
ව්‍යාපෘති සිදුකිරීම සඳහා
සුදුසු තැන් තියෙද්දි ජාත්‍යන්තර
මට්ටමේ වටිනාකමක් තියෙන මෙම
ක්‍රීඩාංගනය විනාශ කිරීම වහා
නවත්වන්න කියලා
,

අපි
ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයාගෙන්
ඉල්ලා සිටින්නේ මෙම ක්‍රීඩාංගණයේ
සංවර්ධනය කළේ නැතුවට කමක්
නැහැ ක්‍රීඩා අමාත්‍යවරයාට
සහ රජයට පින් සිද්ධ වෙයි මේ
තියෙන දේවල් විනාස කරන්න
කටයුතු කරන්න එපා කියන එකයි

– ආර්.එෆ්.එම්.සුහෙල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here