Home Local News Room : FaceBook එකේ ඉන්නෙ මෝඩයෝ… බුද්ධිමතුන් නෑ… එනිසා මං FaceBook...

News Room : FaceBook එකේ ඉන්නෙ මෝඩයෝ… බුද්ධිමතුන් නෑ… එනිසා මං FaceBook යන්නෑ – දයාසිරි (VIDEO) ~

1
0

Facebook සමාජ මාධ්‍ය ජාලය තුළ බහුතරයක් සිටින්නේ මෝඩයන් පිරිසක් බවත්, එය බුද්ධිමත් මිනිසුන් ගැවසෙන භූමියක් නොවන බැවින් තමන් එය පරිශීලනය නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, වත්මන් රජය විපක්ෂයේ දේශපාලනඥයන් මර්දනය කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරන බවට චෝදනා කළේය.

විශේෂයෙන්ම සුගීශ්වර බණ්ඩාර මහතාට එරෙහිව සිදුවූ සිදුවීම උදාහරණයකට ගනිමින් ඔහු කියා සිටියේ, විපක්ෂයේ සිටින ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට ජාතිවාදීන්, හොරුන්, අපරාධකරුවන්, කුඩුකාරයන් හෝ ත්‍රස්තවාදීන් යන ලේබල් ඇලවීමට රජය කටයුතු කරන බවයි.

“මේ ආණ්ඩුව කරන්නේ විපක්ෂයේ ඉන්න හැමෝම අල්ලගෙන එක්කෝ ජාතිවාදියෙක් කරනවා, නැත්නම් හොරෙක් කරනවා, එහෙමත් නැත්නම් කුඩුකාරයෙක් හෝ ත්‍රස්තවාදියෙක් කරනවා. මේ විදිහට හැමෝටම ලේබල් ගැහුවට පස්සේ අපි කාත් එක්කද වැඩ කරන්නේ? විපක්ෂයක් විදිහට අපිට වැඩ කරන්න කවුද ඉතුරු වෙන්නේ?” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.

සමාජ මාධ්‍ය හරහා මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් සහ මඩ ප්‍රහාරයන් දියත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ෆේස්බුක් වැනි වේදිකාවල බුද්ධිමත් සංවාදයන්ට වඩා පටු අරමුණු සහිත ක්‍රියාවන් සිදුවන බවයි. එම නිසා තමන් එවැනි දේ කෙරෙහි අවධානය යොමු නොකරන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Play

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here