මීගමුව බන්ධනාගාරය තුළ අද (06) පෙරවරුවේ යළි ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් තුවාල ලැබූ 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් අතර අද පෙරවරුවේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළ අතර එහිදි බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබුණා.
ගැටුමෙන් තුවාල ලැබූ 35ක පමණ පිරිසක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් වැඩි පිරිසක් ආරක්ෂක අංශ සහ බන්ධනාගාර නිලධාරීන් බව සඳහන්.
ඇතිවු තත්ත්වය පාලනය කිරීම සඳහා මීගමුව පොලීසියට අමතරව මීරිගම, වේයන්ගොඩ ඇතුළු අවට පොලිස් ස්ථාන වෙතින් ද නිලධාරීන් කැඳවීමට කටයුතු කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකාය ද බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අනුයුක්ත කර තිබෙනවා.
මේ අතර නොසන්සුන් තත්ත්වය පාලනයට ආරක්ෂක අංශ විසින් වෙඩි ප්රහාර කිහිපයක් ද එල්ල කර තිබුණා.
මේ අතර ඊයේ (05) සවස බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවයෙන්ද රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 34 දෙනෙකු පමණ තුවාල ලැබුවා.
මේ පුවත තව අයට බලන්න







