වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව ලබා දෙන ලද්දේ ටිල්වින් සිල්වා මහතා විසින් ගොනු කර තිබූ නඩුවක දීර්ඝ විභාගයකින් අනතුරුවය.
විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකුව සිටියදී, ටිල්වින් සිල්වා මහතා විසින් පක්ෂ විධායක සභාව වෙත ඉදිරිපත් කරන ලද අදහස් සහ යෝජනා ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇති බවත්, ඒ හරහා තම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝණය වී ඇති බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ, බුද්ධිමය දේපළ පනතට අනුව “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථයේ සැබෑ අයිතිය හිමිවිය යුත්තේ විමල් වීරවංශ මහතාට නොව ටිල්වින් සිල්වා මහතාට බවයි.
ඒ අනුව, පැමිණිලිකරුට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකාර විමල් වීරවංශ මහතාට නියම කළේය.
ඒ වාණිජ මහාධිකරණය විසින් දුන් තීන්දුවට එරෙහිව වීරවංශ මහතා විසින් ගොනු කර තිබූ අභියාචනයක් සලකා බලමිනි.
කෙසේ වෙතත් පෙත්සම්කරුගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම, විකිණීම හා බෙදා හැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය විසින් දී තිබෙන අතුරු නියෝගය වෙනස් කිරීම් වලට ලක් කරන බව සඳහන් කළ විනිසුරු මඩුල්ල ඒ අනුව අදාළ තහනම් නියෝගය අදාල ග්‍රන්ථයට ඇතුළත් කර තිබෙන වග උත්තරකාර ටිල්වින් සිල්වා මහතාට අයත් ලේඛන වලට පමණක් සීමා කරන බවත් තීන්දු කලේය.
මේ පුවත තව අයට බලන්න







