Home Local News Room : පිරමීඩ වැවිලි වගාකරුවකුගෙන් ළඟදීම TV චැනල් එකක් ~

News Room : පිරමීඩ වැවිලි වගාකරුවකුගෙන් ළඟදීම TV චැනල් එකක් ~

0
0
 
පිරමීඩ වැවිලි වගා ආයෝජන ව්‍යාපෘතියක් මගින් උපයාගත් මුදලින්ප සුගිය කාලයේ ආන්දෝලනාත්මක රූපවාහිනී නාලිකාවක් නැවත ආරම්භ කිරීමට සැලැසුම් සකස්කර ඇතැයි වාර්තා වේ. පිරමීඩ වැවිලි වගා ආයෝජන ව්‍යාපෘති මුදලින් සකස් කළ වෙනත් සමාගමක් යෙදාගනිමින් අදාළ රූපවාහිනී නාලිකාව වසර 20ක කාලයකට බදු ගෙන ඇති එම සමාගම මසකට එහි හිමිකරු යැකි කියන පුද්ගලයාට රුපියල් කෝටි 2කට වැඩි මුදලක් ගෙවන බවද වාර්තා වේ.

පිරමීඩ වගා සමාගම එහි මුදල් ආයෝජනය කරනු ලබන්නකුට ලාභයෙන් කොටසක් ලබාදෙන බව කියමින් අති විශාල පොලීමුදලක් ලබාදෙන බවද පැවසේ.

ඔවුන් ලබාදෙන සැලැසුම්වලට අනුව අදාළ වගා ව්‍යාපෘති පිරමීඩ සමාගම 120% ක පමණ ප්‍රතිලාභයක් පාරිභෝගිකයන්ට පොරොන්දුවී ඇති බව ද ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවිය.

2022 දී ආරම්භ කරන ලද මේ සමාගම වසර 4ක් වැනි කාලයකදී මේතරම් විශාල මුදලක් උපයාගත්තේ කෙසේද යන්න මේවන විට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ කතා බහට ලක්ව ඇත.

මේවන විට අදාළ සමාගම සතුව රුපියල් බිලියන 60ක පමණ මූල්‍යමය වත්කම් ඇති බවද වාර්තා වේ.

මීට වසර කිහිපයකට පෙර රක්ෂණ නියෝජිතයන් ලෙස රක්ෂණ සමාගම් වල සේවය කළ මොවුන් හිටිහැටියේ මේතරම් පොහොසතුන් වූයේ කෙසේද යන්නද මේවන විට විශාල ගැටලුවක්ව තිබේ.

මීට වසර 3-4කට පෙර තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මොවුන් මේවන විට අගනුවර අධිකම මිලගණන් සහිත මහල් නිවාස සංකීර්ණයක මේවන විට වාසය කරන බවද පැවසේ.

කෙසේවුවද, මහ බැංකුව විසින් දිගින් දිගටම මෙවැනි වගා ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියද, ජනතාව ඒ සම්බන්ධයෙන් තැකීමක් ෙනාකරන බවද මහ බැංකුවේ ජෙෂ්ඨ නිලධාරියෙක් ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් පසුගියදා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් ප්‍රනාන්දු මහතා ද මෙසේ පැවසීය.

වැවිලිවලට මුදල් ආයෝජනය කිරීම නියාමනය වෙන්නේ නැහැ – මහ බැංකු අධිපති

එහිදී නන්දලාල් මහතා වැවිලිවලට මුදල් ආයෝජනය කිරීම නියාමනය නොවන බවත්, මේවා නීති විරෝධී තැන්පතු එකතු කිරීමේ ක්‍රමවේදයක් බවත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here