එසේම ඔහු නැවත නැවතත් හිරිහැර කිරීම් සහ බිය ගැන්වීම් සිදු කරන බවට ඔහු චෝදනා කරන බව ද වාර්තා වේ.
ඉකුත් ජුනි 23 වන දින පොන්නම්බලම් මහතා ලිපියකින් දන්වා ඇත්තේ, පාර්ලිමේන්තුවේ තමාට යාබදව අසුන්ගෙන සිටින රාමනාදන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමාව වාචිකව අපයෝජනය කළ බවයි.
එසේම ප්‍රචණ්ඩත්වයෙන් තර්ජනය කිරීම සහ තමාට එරෙහිව අපහාසාත්මක භාෂාව භාවිත කළ බවත් එහි දැක්වේ.
එමෙන්ම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රාමනාදන් තමා අසල අසුන් ගැනීමට නොහැකි තරමට තත්ත්වය නරක අතට හැරී ඇති බව පෙන්වා දෙමින් පොන්නම්බලම් මහතා විසින් එය තම රාජකාරි ඉටු කිරීමේ හැකියාවට බාධාවක් බව පවසයි.
එමෙන්ම ස්වාධීන කණ්ඩායමකින් පළමු වරට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු වන රාමනාදන්ට සාමාන්‍ය පාර්ලිමේන්තු අසුන් ගැනීමේ පිළිවෙතට පටහැනිව, පිළිගත් දේශපාලන පක්ෂවල නායකයින් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් අතර අසුනක් වෙන් කර ඇති බවට ද ඔහු චෝදනා කරන බව සඳහන්.
ඒ අනුව ස්වාධීන මන්ත්‍රීවරුන් වෙනුවෙන් සම්ප්‍රදායික අසුන් ගැනීමේ සැකැස්මට අනුකූලව, රාමනාදන්ගේ අසුන සභා ගර්භයේ වම් පසින් ස්ථානගත කරන ලෙස පොන්නම්බලම් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි.
මේ පුවත තව අයට බලන්න







