බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් (54 වන අධිකාරිය වූ) බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත.
මේ අතර පෙරේදා (07) දිනයේ දී ද ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.
ප්‍රසන්න රණතුංග මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේ බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත්ව ඇති බව මාධ්‍යට පවසා තිබිණි.
බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සදහා නාගරික සංවර්ධන අධිකාරියට පවරන ලද්දේ වර්ෂ 2014 දීය.
වසර 138කට අධික කාලයක් බන්ධනාගාරයක් ෙලස ක්‍රියාත්මක වූ බෝගම්බර 2014 ජනවාරි මස 01 වන දින සිට එය වසා දැමුණු අතර එහි කටයුතු පල්ලේකැලේ නව බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන ගියහ.
පසුව බෝගම්බර බන්ධනාගාරය මහජන ප්‍රදර්ශනය සදහා පමණක් විවෘත කර තිබිණි.
මෙරට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වූ බන්ධනාගාර දෙක අතුරින් එකක් වන්නේද බෝගම්බර බන්ධනාගාරයයි.
විශාලත්වය සහ ආරක්ෂාකාරී බව අතුරෙන් ලංකාවේ දෙවන ස්ථානය හිමි වන බෝගම්බර බන්ධනාගාරය තුළ එකවර තිදෙනෙකු එල්ලා මැරිය හැකිව තිබුණි.
අක්කර 13 ක් පුරා විහිදුණු මෙය එංගලන්ත එඩිම්බරෝ වික්ටෝරියා මහ රැජිණගේ ඔටුන්න ආකෘතියට ප්‍රංශයේ පැරිස් බැස්ටිල් කොටුවට සමානව ඉදි කරන ලද්දකි.
මේ පුවත තව අයට බලන්න







