මේ මොහොතේ තමන්ට කිසිදු අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් භාර ගැනීමේ නීතිමය හැකියාවක් නොමැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
තමන්ගේ නිල ෆේස්බුක් ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් ඒ මහතා මේ බව අවධාරණය කර ඇත.
තමන්ට අමාත්‍ය ධුර භාර ගන්නා ලෙස සිදුකරන ඉල්ලීම් හෝ ආණ්ඩුවෙන් ඒ සඳහා ඉල්ලීම් කිරීම්වලින් කිසිදු පලක් නොමැති බව ද එම සටහනේ වැඩිදුරටත් දැක්වේ.
එම ෆේස්බුක් සටහන මෙසේය .
“මේ මොහොතේ කිසිදු අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් භාර ගැනීමට නීතිමය හැකියාවක් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හට නොමැත. එම නිසා අමාත්‍ය ධුර භාර ගන්නා ලෙස ඉල්ලීම් කිරීම හෝ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ඇමති ධුර භාර දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමෙන් පලක් නැත.”
මේ පුවත තව අයට බලන්න
