Home Local News Room : කංජිපානි ඉම්රාන් ජාත්‍යන්තර පාතාලයන් එක්ක! රටවල් 3ක ත්‍රස්ත කණ්ඩායම්...

News Room : කංජිපානි ඉම්රාන් ජාත්‍යන්තර පාතාලයන් එක්ක! රටවල් 3ක ත්‍රස්ත කණ්ඩායම් එක්ක එක්වෙලා? ඉන්ටර්පෝල් සහයෙන් මෙරටට ගෙන්වා ගන්න මෙහෙයුම්! ~

0
0
මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බරපතළ අපරාධ රැසකට සම්බන්ධව මේ වන විට විදේශ රටක සැඟව සිටින කංජිපානි ඉම්රාන් නමැති පාතාල නායකයා ජාත්‍යන්තර පාතාල කණ්ඩායම් සමඟ එක්ව මෙරට පාතාල ක්‍රියාකාරකම් රැසක් සිදුකර ඇති අතර මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

ඔහු ඉන්දියාව, පාකිස්තානය සහ ඇල්ජීරියාව කේන්ද්‍ර කරගත් ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පවත්වමින් සිටින බවද එම ත්‍රස්ත ජාලවල සහාය ඇතිව මෙරටේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීමටත් විරුද්ධ පාර්ශ්වකරුවන් ඉලක්ක කර ගනිමින් ඝාතන සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් උත්සාහ දරමින් සිටින බවද පාතාල කල්ලි මර්ධන මෙහෙයුම්වල නිරතව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා දැනටමත් රතු නිවේදන නිකුත් කර තිබුණද, ඔහු තවදුරටත් මඟ හරිමින් සිය අපරාධ ක්‍රියාකාරකම් අඛණ්ඩව සිදුකරගෙන යන බවද හෙතෙම කීය.

ජාත්‍යන්තර සහාය ලබාගනිමින්, මෙම පාතාල නායකයා හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here