Home Local News Room : කොළඹ අතුරුදන් කිරීම් ජාලයක සුලමුල හෙළිවෙයි – LTTE වාහනත්...

News Room : කොළඹ අතුරුදන් කිරීම් ජාලයක සුලමුල හෙළිවෙයි – LTTE වාහනත් වැඩවලට අරන්! ~

0
0
නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ආචාර්ය රවීන්ද්‍රනාත් ශිවසුබ්‍රමනියම් අතුරුදන් කිරීම පිළිබඳ විමර්ශනවලදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදුවූ තවත් අතුරුදන් කිරීම් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව ‘සිළුමිණ’ පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් මීට අදාළ විම­ර්ශන සිදුකරන අතර, එහිදී අනා­ව­ර­ණය වී ඇත්තේ එල්ටී­ටීඊ සංවි­ධා­නය භාවිත කර­මින් සිටි­යදී රජයේ ආර­ක්ෂක අංශ භාර­යට ගත් වාහ­නද මේ අතු­රු­දන් කිරීම් සඳහා යොදා­ගෙන ඇති බවයි.

එසේ ආර­ක්ෂක අංශ භාර­යට ගත් වාහන රාජ­ස­න්තක කිරීමේ ක්‍රම­වේ­ද­යක් අනු­ග­ම­නය කළ යුතු වුවද, එසේ නොක­රන ලද අවස්ථා පිළි­බඳ මීට පෙරද අනා­ව­ර­ණය විය.

අදාළ විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇති ආකා­ර­යට මේ අතු­රු­දන් කිරීම් කප්පම් සහ ඉඩම් මූලික කර­ගෙන සිදු වී ඇත.

කොළඹ නග­රයේ සහ ඒ අවට පිහිටි ඉහළ වාණිජ වටි­නා­ක­මක් සහිත ඉඩම් සහ දේපොළ ලබා­ගැ­නීම සඳහා මෙසේ ඒවායේ හිමි­ක­රු­වන් හෝ උරු­ම­ක­රු­වන් පැහැ­ර­ගෙන ගොස් ඇති බවත්, මේ අතු­රු­දන් කිරීම් පිළි­බඳ පොලිස් ස්ථාන­ව­ලට පැමි­ණිලි යොමුකර තිබේද, එසේ නම් එම පැමි­ණි­ලි­ව­ලට සිදු වූයේ කුමක්ද යන්න පිළි­බ­ඳව දැන­ට­මත් තොර­තුරු ලබා­ගැ­නීම ආරම්භ කර ඇති බවත් විශ්වාස කට­යුතු ආරංචි මාර්ග සඳ­හන් කරයි.

-ceylonwire

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here