බෝම්බකරු විසින් දෙමළ භාෂාවෙන් සිදුකර ඇති මෙම ප්‍රකාශය අධිකරණය ඉදිරියේ වාදනය කිරීමෙන් අනතුරුව, භාෂා පරිවර්තක තුවාම් සදාත් මහතා විසින් එහි අන්තර්ගතය පරිවර්තනය කර අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම නඩුව විභාග වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන සිටියද ඒවා පොලිසියට හෙළි නොකිරීමේ චෝදනාව මත, දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිවය. මෙම ප්‍රධාන විත්තිකරු වන මොහොමඩ් ඊබ්‍රහිම් යනු සිනමන් ග්‍රෑන්ඩ් සහ ෂැංග්‍රිලා හෝටල්වල බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් සහ මොහොමඩ් ඉල්හාම් යන අයගේ පියා වේ.
ප්‍රහාරයෙන් පසු විමර්ශන කණ්ඩායම් විසින් බෝම්බකරුවන් පදිංචිව සිටි නිවෙස පරීක්ෂා කිරීමේදී, මොහොමඩ් ඉල්හාම්ගේ බිරිය සහ දරුවන් තිදෙනා බෝම්බ පුපුරුවාගෙන මියගියහ. වසර තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි විත්තිකරුවන් පසුව ඇප මත මුදාහැරි අතර, ඔවුන්ට මේ වන විට විදේශ ගමන් තහනමක් සහ සෑම මාස තුනකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කිරීමේ නියෝගයක් පනවා තිබේ.
මහාධිකරණ විනිසුරු රශ්මික සිංගප්පුලි මහතා නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 11 දිනට කල් තැබූ අතර, එදින සාක්ෂිකරුවන් සිව්දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අතර, විත්තිය වෙනුවෙන් නීතිඥ ඉෂාන් ගම්මලගේ මහතා පෙනී සිටියේය.
මේ පුවත තව අයට බලන්න