Home Local News Room : විනිසුරු වයස වැඩි කරන්න පක්‍ෂය තීන්දු කලේ නෑ.. මට...

News Room : විනිසුරු වයස වැඩි කරන්න පක්‍ෂය තීන්දු කලේ නෑ.. මට විරුද්ද විනය පරීක්‍ෂණ බෑ..- ලාල් විජේනායක ~

0
0
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහි වීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව විනය පියවර ගැනීමට ජාතික ජන බලවේගයට නීතිමය පදනමක් නොමැති බව එම පක්ෂයේ විධායක සභික, නීතීඥ ලාල් විජේනායක මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙම ආන්දෝලනාත්මක යෝජනාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කිසිදු කමිටුවක මෙතෙක් සාකච්ඡා කර නොමැති අතර පක්ෂය ඒ පිළිබඳව නිල තීරණයක් ද ගෙන නොමැති බවයි.

පක්ෂය තීරණයක් ගෙන නොමැති කරුණක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම පක්ෂ විනය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම ක්‍රියාව රජයට එරෙහිව සිදුකරන සටනක් නොව, අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම වෙනුවෙන් සිදුකරන අරගලයක් බව විජේනායක මහතා අවධාරණය කළේය.

“අධිකරණයේ ස්වාධීනත්වය නොමැති පරිසරයක කිසිදු නීතීඥවරයෙකුට සිය වෘත්තියේ නිරත විය නොහැකියි. නඩුවක තීන්දුව කුමක්දැයි කල්තියා දන්නා තත්ත්වයක් තුළ නීතීඥ වෘත්තිය පවත්වාගෙන යාම කළ නොහැක්කක්,” යැයි ද ඔහු පැවසීය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමෙන් වැළකී නිහඬව සිටින ලෙස ජාතික ජන බලවේගයේ නායකත්වය තමන්ගෙන් ඉල්ලා සිටි බව ද ඔහු මීට පෙර අනාවරණය කර තිබුණි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ඊයේ පැවැති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමට ද ලාල් විජේනායක මහතා සහභාගී වී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here