Home Local News Room : කුකුල් කකුල් රට පටවන කර්මාන්ත ශාලාවක් ළඟදිම විවෘත කරනවා…!...

News Room : කුකුල් කකුල් රට පටවන කර්මාන්ත ශාලාවක් ළඟදිම විවෘත කරනවා…! – නි. ඇමති නාමල් කරුණාරත්න… ~

1
0
කුකුළු කකුල් අපනයනය කිරීම සඳහා සකස් කරන කර්මාන්ත ශාලාවක් තවත් මාස කිහිපයකින් විවෘත කරන බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. “තව මාස කිහිපයකින් අපි විවෘත කරනවා කුකුළු කර්මාන්තයට අදාළ පෞද්ගලික අංශයේ ෆැක්ටරියක්. ඒකෙන් කුකුල්ලු එනවා, සුද්ද බුද්ද වෙලා ඔක්කොම, පැකින් වෙලා, ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලිය නතර කරලා. අපනයන වෙළඳපොළ දක්වා එන තැනට නිෂ්පාදන ඉස්සරහට එනවා. ඊළඟට අනිත් පැත්තෙන් කුකුල් කකුල් ටික එනවා. කුකුල් කකුල් ටිකත් අපනයනය වෙනවා.

එතකොට මේ කර්මාන්ත ශාලාව මාස කිහිපයකින් අපිට විවෘත කරන්න පුළුවන්. ඒකට මමම තමයි මුල්ගල තිබ්බේ. එතකොට තව කර්මාන්තයක් ඉදිවෙනවා, ඒකත් කුකුල් කකුල්වලට අදාළ කර්මාන්තයක්, ඒකෙත් කරන්නෙ කුකුල් කකුල් රට පටවන එක. දැන් චීනයේ ගත්තොත් කෑමට සුදුසු විදියට හදපු එක කුකුල් කකුලක් ඩොලර් 3.50ක් වෙනවා. එතකොට කුකුලෙක්ගේ කකුල් දෙක ඩොලර් 7ක් වෙනවා. ඩොලර් 7ක් කියන්නෙ රුපියල් දෙදාස් ගාණක් වෙනවා කකුල් දෙක. ඒ කියන්නෙ මේ අගය එකතු කරපු, නිමි කුකුල් කකුල්.”

නි. අමාත්‍ය නාමල් කරුණාරත්න මේ බව පැවසුවේ බිත්තර නිෂ්පාදකයන් සමග ඊයේ (01) හෙට්ටිපොල පැවති සාකච්ඡාවකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here