පොල්පිටිය පොලිස් වසමට අයත් මොරහේනගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි කාන්තාවකගේ සිරුරක් 19 වන ජාතික ආරක්ෂක බල සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් (03) දින පස්වරුවේ සොයා ගෙන ඇත.
පස්වරු 1:30ට පමණ එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම නිවසට පස් කන්ද කඩා වැටුණු බවත්, එම අවස්ථාවේ නිවසේ කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිට ඇති බව පොල්පිටිය පොලිසිය පවසයි.
සෙසු සිරුරු සොයා යුධ හමුදා භට පිරිස් තව දුරටත් මෙහෙයුම් සිදු කරයි.
– රංජිත් රාජපක්ෂ







