Home Local News Room : රස පරීක්ෂණ වාර්තා නෑ: රැදවියෝ 15000ක් හිරගෙදර කොටුවෙලා ~

News Room : රස පරීක්ෂණ වාර්තා නෑ: රැදවියෝ 15000ක් හිරගෙදර කොටුවෙලා ~

0
0
රස පරීක්ෂණ වාර්තාව ප්‍රමාදවීම හේතුවෙන් බන්ධනාගාර ආයතන 22ක සැකකරුවන් පහළොස් දහස් එකසිය දාහතක පිරිසක් (15117) නිදහස්ව යෑමට නොහැකිව රැඳී සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

එසේම සුළු දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ආයතන විසි අටක රැඳවියන් 1940ක පිරිසක්ද රදවා සිටින බව එම වාර්තාවේ දැක්වේ.

බන්ධනාගාරවල තදබදය වැඩිවීමට මෙය ප්‍රධාන හේතුවක් බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

මේ අතර මත්ද්‍රව්‍ය භාවිතය විකිණීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත ගතවන රැඳවියන් ( සිරකරුවන් සහ සැකකරුවන්) අනෙකුත් රැඳවියන් සමග වෙන් නොකර රඳවා තැබීම හේතුවෙන් පාතාල ක්‍රියාකාරීන් සමග මිශ්‍රවීමෙන් ඒවායේ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වී බරපතළ සමාජ අර්බුදයක් නිර්මාණයවී ඇතැයි එම වාර්තාව සඳහන් කරයි.

(සුජිත් හේවාජුලිගේ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here