Home Local News Room : හිරගෙදර ගැටුම ඩ්‍රෝනවලින් නිරීක්‍ෂණය කරමින් උන්නේ.. බීල බුදියගත්තෙ නෑ.....

News Room : හිරගෙදර ගැටුම ඩ්‍රෝනවලින් නිරීක්‍ෂණය කරමින් උන්නේ.. බීල බුදියගත්තෙ නෑ.. ~

1
0
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට තමන් සක්‍රීයව මැදිහත් වූ බවත්, තොරතුරු ලැබීමේ යම් ප්‍රමාදයක් සිදු වූයේ බන්ධනාගාරය තුළ සිටි නිලධාරීන් දැඩි පීඩනයකට සහ අවදානමකට ලක්ව සිටි නිසා බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘දෙරණ 360′ වැඩසටහනට එක්වෙමිනි.

සිද්ධිය වූ දින තමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ බුද්ධි අංශ ප්‍රධානීන් සමඟ එක්ව ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ තත්ත්වය නිරීක්ෂණය කරමින් අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ඔහු මෙහිදී අනාවරණය කළේය.

බන්ධනාගාරය තුළ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවා දුරකථනවලට පිළිතුරු දීමට නොහැකි තරම් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටි බවත්, ඇතැම් ලේඛන පවා ගිනිබත් කර තිබූ බැවින් නිවැරදි දත්ත ලබා ගැනීමට කාලයක් ගත වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

රැඳවියන් දෙදෙනෙකු මියයාම පිළිබඳව තොරතුරු ලැබීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලබා දුන් තොරතුරු මත පදනම්ව තමන් මුලින් ප්‍රකාශ නිකුත් කළ බවයි.

එම අවස්ථාවේදී වාර්තා වී තිබුණේ තුවාල ලැබූවන් පිළිබඳව පමණක් බවත්, මරණ පිළිබඳ නිශ්චිත තොරතුරු තමන් වෙත ලැබුණේ පසුව බවත් ඔහු සඳහන් කළේය.

තමන් එම අවස්ථාවේ “බීලා බුදියගෙන සිටි” බවට ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, තමන් මුළු රාත්‍රිය පුරාම සිද්ධිය සමනය කිරීමට වෙහෙස වූ බව අවධාරණය කළේය.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය ඉතා බරපතල එකක් වූ බවත්, එය පාලනය කිරීමට රජය උපරිම උත්සාහයක් ගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here