Home Local News Room : අකිල විරාජ් අගෝස්තු 18 දක්වා රිමාන්ඩ් ~

News Room : අකිල විරාජ් අගෝස්තු 18 දක්වා රිමාන්ඩ් ~

1
0
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී, රජයේ මුදලින් වැටුප් ගෙවමින් පෞද්ගලික සේවකයින් නඩත්තු කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම චෝදනා එල්ල වී තිබේ.

විමර්ශනවලට අනුව, තම කාර්ය මණ්ඩලය සඳහා බව පවසමින් බඳවා ගත් සේවකයින් සිව්දෙනෙකුගෙන් තිදෙනෙකු අකිල විරාජ් කාරියවසම් මහතාට අයත් පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක සේවයේ යොදවා ඇත. අනෙක් සේවකයා තනතුරට අදාළ කාර්යාලයේ රාජකාරී සඳහා යොදවා නොමැති බව ද හෙළි වී තිබේ.

මෙම සේවකයින් සිව්දෙනා සඳහා රජය විසින් රුපියල් 2,768,836.14 ක වැටුප් හා දීමනා ගෙවා ඇති අතර, එමගින් රජයට බරපතළ මූල්‍ය පාඩුවක් සිදු කිරීම හරහා දූෂණය නැමැති වරද සිදු කර ඇති බවට අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here