Home Local News Room : USAID ආධාර නැවතුනේ නැත්තං ලංකාවේ විනිසුරු වයස ඉන්දියාවේ කැරපොතු...

News Room : USAID ආධාර නැවතුනේ නැත්තං ලංකාවේ විනිසුරු වයස ඉන්දියාවේ කැරපොතු අරගලයටත් වඩා උස්සනවා.. ~

2
0
 

ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මෙරට රාජ්‍ය නොවන සංවිධාන නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඔවුන්ට ලැබෙන විදේශ ආධාර ඇණහිට ඇති බැවින් යැයි දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

විශේෂයෙන්ම USAID වැනි ජාත්‍යන්තර සංවිධානවලින් ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන නතර වීම නිසා එම සංවිධානවල ක්‍රියාකාරීන් සහ ඔවුන්ගේ පවුල් විසිර ගොස් ඇති බවත්, එම ආධාර ලැබුණේ නම් මෙම විරෝධතාව ඉන්දියාවේ කැරපොතු අරගලවලටත් වඩා ප්‍රබල මට්ටමකට ගෙන ඒමට ඔවුන් කටයුතු කරනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

විදේශීය මූල්‍ය ආධාර මත සිදුවන මෙවැනි මෙහෙයවීම් නතර වීම තුළින් රට තුළ “සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක්” ස්ථාපිත වීමට අවස්ථාව සැලසී ඇති බව ද ගුණරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මීට පෙර විදේශීය බලපෑම් සහ මූල්‍යමය මැදිහත්වීම් හරහා ජනමතය හැසිරවීමට උත්සාහ කළ ද, දැන් එම තත්ත්වය වෙනස් වී ඇති බව ඔහුගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here