Home Local News Room : සාගර කාරියවසම් අත්අඩංගුවට! ~

News Room : සාගර කාරියවසම් අත්අඩංගුවට! ~

2
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අද දින කැඳවා තිබූ අතර, අත්අඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාරියවසම් මහතා කියා සිටියේ මෙය රජය විසින් දියත් කර ඇති දේශපාලන දඩයමක ප්‍රතිඵලයක් බවයි.

තමන් සිදුකළ ප්‍රකාශයන් විකෘති කරමින් සහ වැරදි අර්ථකථන ලබාදෙමින් විරුද්ධවාදීන් මර්දනය කිරීමට රජය උත්සාහ දරන බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, අතීතයේ මෙවැනි දේශපාලන මර්දනයන් සිදුකළ ලෝක නායකයින්ට අත්වූ ඉරණම සිහිපත් කරමින්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එවැනිම අත්තනෝමතික මාවතක ගමන් කරමින් සිටින බව අවධාරණය කළේය.

කෙසේ වෙතත්, මෙවැනි තර්ජන හමුවේ තමන් කිසිසේත්ම පසුබට නොවන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here