Home Local News Room : කංජිපානි හැර නඩයම කුදලන් එති… විමර්ශන මහනුවර කොට්ඨාස අපරාධ...

News Room : කංජිපානි හැර නඩයම කුදලන් එති… විමර්ශන මහනුවර කොට්ඨාස අපරාධ ඒකකයට! ~

2
0
සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඇතුළු පොලිස් කණ්ඩායම විසින් මලයාසියා පොලිසියේ සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව එරට දී අත්අඩංගුවට ගෙන ඊයේ (10 වැනිදා) සවස ශ්‍රී ලංකාවට රැගෙන ආ පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සමීපතම සගයා ලෙස සැලකෙන රත්මලානේ සයිමා ඇතුළු පාතාල අපරාධකාරයන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත භාර දී ඇත.

මෙම සැකකරුවන් දින 90 ක රැඳවුම් නියෝග ලබාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ද පොලිස් ආරංචිමාර්ග පවසයි.

්ඛණ 315 ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයකින් මෙම සැකකරුවන් තිදෙනා ඊයේ සවස 4.30 ට පමණ මෙරටට රැගෙන එනු ලැබුවේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ රොහාන් ඕලුගල සහ නීති කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නීතිඥ වසන්ත පිටියකුඹුර මහත්වරුන් විසින්ය.

සති කීපයක් තිස්සේ මෙම නිලධාරින් දෙදෙනා මලයාසියාවේ රැඳී සිටිමින් එරට පොලිසියේ ද සහාය ලබාගෙන කරනු ලැබූ දුෂ්කර මෙහෙයුම් කීපයකින් පසු මෙම අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

පාතාල කල්ලි නායකයකු මෙන්ම මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද බව කියන කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ මූල්‍ය කටයුතු මෙන්ම මාධ්‍ය මෙහෙයවා ඇත්තේ ද ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්මලානේ සයිමා විසින් බව විමර්ශනවලින් හෙළි වී ඇත.

කංජිපානි ඉම්රාන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයන්ට තර්ජනය කරන හඬපට සියල්ල ප්‍රචාරය කර ඇත්තේ ද සයිමා විසින් බව අනාවරණය වී තිබේ.

රත්මලානේ සයිමා මීට වසර 10කට පමණ උඩදී මලයාසියාවට ගොස් ඇති අතර ඔහු පාතාල නායකයන් කීපදෙනෙකු සමගම සමීපව කටයුතු කර ඇත. කෙහෙල්බද්දර පද්මේ මෙන්ම රත්මලානේ කුඩු අංජු සමග ද සයිමා විවිධ අපරාධවල මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටියේය.

ශ්‍රී ලංකාවට රැගෙන ආ රත්මලානේ සයිමා ඇතුළු පාතාල අපරාධකරුවෝ තිදෙනා වැඩිදුර විමර්ශනය සඳහා මහනුවරට රැගෙන යනු ලැබූහ.

හේමන්ත රන්දුණු සහ ටී.කේ.ජී. කපිල – කටුනායක

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here