Home Local News Room : විනිසුරු වයස ගැන මහනායක හිමිවරු ජනපතිට යැවූ ලිපිය නිකායක...

News Room : විනිසුරු වයස ගැන මහනායක හිමිවරු ජනපතිට යැවූ ලිපිය නිකායක හිමි නමක් මැදිහත් වී සගවලා! ~

4
0
විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියට සිදුවූයේ කුමක්දැයි පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රශ්න කර සිටියි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ, කිසියම් නිකායකට අයත් භික්ෂූන් වහන්සේ නමකගේ මැදිහත්වීම මත මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම වළක්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

අදාළ භික්ෂූන් වහන්සේ සිය පෞද්ගලික ලාභාපේක්ෂාවන් වෙනුවෙන් මෙලෙස කටයුතු කර ඇති බවට ද උන්වහන්සේ වැඩිදුරටත් චෝදනා කළහ.

“මේ ලිපිය කුණු කූඩයට දැම්මාද?” යනුවෙන් ප්‍රශ්න කළ දයාරතන හිමියන්, සාමාන්‍යයෙන් මහනායක හිමිවරුන් මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ ඉතා වගකීමෙන් යුතුව බවත්, ජනාධිපති පාර්ශවයෙන් එම ලිපිය ලැබී නැති බව පැවසීම බරපතළ ගැටලුවක් බවත් පෙන්වා දුන්හ.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here