
කොළඹ 07, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ පරිශ්‍රයේදී 17 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයකු එල්ල කළ පහරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි එම ක්‍රීඩා සමාජයේ සේවකයකු පසුගිය 10 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි සුමිත් ප්‍රනාන්දු නමැති අය මෙලෙස මියගොස් ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ක්‍රීඩකයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් පරීක්ෂණවලට අනුව, මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 08 වැනිදාය.
එදින ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල නිරතව සිටි සැකකාර සිසුවා ඇතුළු ක්‍රීඩකයන් පිරිසක් ජලය පානය කිරීම සඳහා ජල කරාමය අසලට ගිය අවස්ථාවේදී එහි ජලය නොමැති වීම හේතුවෙන් මෙම ආරවුල හටගෙන තිබේ.
එහිදී ක්‍රීඩා සමාජයේ සේවකයා සහ ක්‍රීඩකයන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර, සේවකයා විසින් එක් ක්රීඩකයකුට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකාර ක්‍රීඩකයා විසින් ඔහුට පහරක් එල්ල කර ඇති බව වාර්තා වේ.
පහරකෑමෙන් තුවාල ලැබූ සේවකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත. මියගිය පුද්ගලයා හෘද රෝගියකු බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත්ව තිබීම හේතුවෙන්, මෙම මරණය පහරදීම නිසා සිදුවූවක්ද නැතහොත් රෝගී තත්ත්වයක් මත සිදුවූවක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.
එහිදී අධිකරණ වෛද්‍යවරයා විසින් විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගත් සැකකාර ක්‍රීඩකයා (11) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 17 වැනිදා දක්වා පරිවාස භාරයේ රඳවා තැබීමට අධිකරණය නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ පුවත තව අයට බලන්න
.share-box {
display: flex;
gap: 12px;
margin: 20px 0;
}
.share-btn {
flex: 1;
display: flex;
align-items: center;
justify-content: center;
gap: 10px;
padding: 14px;
border-radius: 10px;
text-decoration: none !important;
font-family: ‘Noto Sans Sinhala’, ‘Iskoola Pota’, Arial, sans-serif;
font-size: 16px;
font-weight: 800;
letter-spacing: 0.4px;
transition: transform 0.2s ease, box-shadow 0.2s ease;
cursor: pointer;
}
.share-btn:hover,
.share-btn:focus,
.share-btn:active {
text-decoration: none !important;
}
.share-btn span {
color: #ffffff !important; /* TEXT WHITE */
line-height: 1.35;
text-align: center;
}
.share-btn img {
width: 24px;
height: 24px;
}
/* Facebook */
.fb {
background: linear-gradient(135deg, #1877f2, #0f5bd8);
box-shadow: 0 4px 12px rgba(24,119,242,0.45);
}
/* WhatsApp */
.wa {
background: linear-gradient(135deg, #25d366, #1ebc5a);
box-shadow: 0 4px 12px rgba(37,211,102,0.45);
}
.share-btn:hover {
transform: translateY(-2px);
box-shadow: 0 6px 16px rgba(0,0,0,0.3);
}

Facebook එකට
Share කරන්න

WhatsApp එකට
Share කරන්න
(function () {
var url = window.location.href;
// Facebook Share
document.getElementById(“fbShare”).href =
“https://www.facebook.com/sharer/sharer.php?u=” +
encodeURIComponent(url);
// WhatsApp Share (LINK ONLY)
document.getElementById(“waShare”).href =
“https://api.whatsapp.com/send?text=” +
encodeURIComponent(url);
})();