Home Local News Room : ‘රත්මලානේ සයිමා’ගේ පොහොට්ටු සබඳතා හෙළිවේ – මහනුවර පොහොට්ටු මන්ත්‍රීලා...

News Room : ‘රත්මලානේ සයිමා’ගේ පොහොට්ටු සබඳතා හෙළිවේ – මහනුවර පොහොට්ටු මන්ත්‍රීලා දෙදෙනෙක් සීරුවෙන්! ~

0
0
මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනෙන ලද පාතාල කල්ලි නායක ‘කංජිපානි ඉම්රාන්ගේ’ සමීපතමයකු වන 41 හැවිරිදි ධනුෂ්ක කෝසල නොහොත් ‘රත්මලානේ සයිමා’, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ ප්‍රබල ආධාරකරුවකු ලෙස කටයුතු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පේරාදෙණිය සහ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු රැඳවුම් නියෝග මත දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම දේශපාලන සබඳතා පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

රත්මලාන සහ පේරාදෙණිය ඒදණ්ඩුවාව යන ප්‍රදේශවල පදිංචිව සිට ඇති මොහුට එරෙහිව බරපතල ගණයේ අපරාධ චෝදනා රැසක් එල්ල වී තිබේ.

ඔහුට එරෙහිව 2016 අගෝස්තු මස සිදුවූ වෙඩි තබා පුද්ගල ඝාතනයක් සහ තවත් ඝාතනයකට අනුබල දීම සම්බන්ධයෙන් නඩු විභාග වෙමින් පවතී.

එසේම 2014 වසරේදී පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධ චෝදනාවක්ද පවතී.

2014 ජනවාරි මස වෑන් රථයක් පැහැරගෙන ගොස් පුද්ගලයෙකුට පිහියෙන් ඇන රුපියල් 15,000ක් වටිනා පෙන්ඩනයක් කොල්ලකෑම සම්බන්ධයෙන්ද චෝදනාවක් වන බව පැවැසේ.

තමාට එල්ල වූ මරණ තර්ජන හමුවේ 2017 වසරේදී මොහු විදේශගත වී ඇති අතර, 2020 මාර්තු මාසයෙන් පසු අධිකරණය සහ පොලිසිය මගහරිමින් සිට ඇත.

මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක වීරරත්න ඇතුළු මේ සම්බන්ධයෙන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here