Home Local News Room : ගෙදරින් බත් මුල ගේන කතා දියවන්නාවේ ගිලේ… පාර්ලිමේන්තු කෑම...

News Room : ගෙදරින් බත් මුල ගේන කතා දියවන්නාවේ ගිලේ… පාර්ලිමේන්තු කෑම බිල වාර්තා අලුත් කරමින් කෝටි 24 පනී.. මන්ත්‍රී ආහාර සැපයුම් වාර 148%කින් ඉහළට…! ~

0
0
2025 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආහාර පාන වර්ග මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 24කට අධික මුදලක් වැය කර ඇති බව පාර්ලිමේන්තුවේ නවතම වාර්ෂික කාර්ය සාධන වාර්තාව අනාවරණය කරයි.

එම වාර්තාවට අනුව, 2025 වර්ෂය තුළ ආහාර පාන වර්ග මිලදී ගැනීම සඳහා පමණක් රුපියල් 247,049,010.08ක මුදලක් වැය වී තිබේ. මීට අමතරව බෝතල් කළ පානීය ජලය මිලදී ගැනීම සඳහා රුපියල් 2,278,758.12ක මුදලක් වැය කර ඇත.

පාර්ලිමේන්තුවේ ආහාර පිසීම සඳහා භාවිත කරන ගෑස් වෙනුවෙන් රුපියල් 3,050,850.00ක මුදලක් වැය වී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

ආහාර පාන සැපයීමේ සේවා වාර ගණන පිළිබඳව සලකා බැලීමේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ආහාරපාන සැපයීමේ අපේක්ෂිත ඉලක්කය වූ 7,200 සීමාව ඉක්මවා යමින් වාර 10,670ක් සේවා සපයා ඇත. එය සියයට 148ක කැපී පෙනෙන වර්ධනයකි.

එසේම මන්ත්‍රීවරුන්ගේ අමුත්තන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආහාර සහ පාන සැපයීමේදී වාර 361,930ක් සේවා සපයා ඇති අතර, එය අපේක්ෂිත ඉලක්කයට වඩා සියයට 119ක වැඩි වීමකි.

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ආපනශාලා පහක් දිනපතා ක්‍රියාත්මක වන අතර, සභා වාර නොපැවැත්වෙන දිනවලදී පවා දිනකට පුද්ගලයන් 1,000 -1,200ත් අතර පිරිසකට ආහාර සපයන බව වාර්තා වේ.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here