යුරෝපා පාර්ලිමේන්තුවට සහ කවුන්සිලයට ඉදිරිපත් කර ඇති මෙම වාර්තාව මගින් අවධාරණය කර ඇත්තේ:
– සමලිංගික සේවනය අපරාධයක් නොවන ලෙස නීති සංශෝධනය කිරීම සහ ජාතික, ආගමික මෙන්ම LGBTIQ+ ප්‍රජාවන් ආරක්ෂා වන පරිදි වෙනස්කම් කිරීමට එරෙහි පුළුල් නීති සම්මත කිරීම.
-මරණ දඬුවම සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ පියවරක් ලෙස ඊට නිල තහනමක් පැනවීම.
– ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව නව නීති සම්පාදනය කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා වන අන්තර්ජාල සුරක්ෂිතතා පනත (Online Safety Act) හකුලා ගැනීම.
– ආරක්ෂක අංශ මගින් සිවිල් සංවිධානවලට සිදුවන බලපෑම් නතර කිරීම, පොලිස් අත්අඩංගුවේ පසුවන්නන් මියයාම සහ වධහිංසා පැමිණවීම් නතර කිරීමට පියවර ගැනීම.
– ළමා විවාහ තහනම් කිරීම සහ ගෘහස්ථ හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම.
2017 වසරේ සිට ලංකාවට හිමිවන මෙම GSP+ සහනය යටතේ 2024 වසරේදී පමණක් යුරෝ මිලියන 139ක (රුපියල් බිලියන ගණනක) බදු මුදල් නිදහස් කිරීම් ශ්‍රී ලංකාවට හිමිවී ඇත.
යුරෝපා වෙළඳපොළට යවන භාණ්ඩවලින් 83.5%ක්ම GSP+ සහනයට යටත් වන අතර, මෙම සහනය අහිමි වුවහොත් මෙරට ආර්ථිකයට දැවැන්ත පහරක් එල්ල වීමේ අවදානමක් පවතී.
මේ පුවත තව අයට බලන්න







