Home Local News Room : කළකට ඉහතදී බැලුම්ගල මෙහෙය වූ රටම දන්න ජනප්‍රිය මාධ්‍යවේදියා...

News Room : කළකට ඉහතදී බැලුම්ගල මෙහෙය වූ රටම දන්න ජනප්‍රිය මාධ්‍යවේදියා කටුනායකදී අත් අඩංගුවට! ~

0
0
නෙත් එෆ්.එම්.බැලුම්ගල වැඩසටහන මෙහෙය වූ චාමිකර උදාර නැමති අය , ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටිය දී , ඔහුට එරෙහිව පනවා තිබූ ගුවන් ගමන් තහනමකට අදාලව , ඊයේ  දින රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහුට එරෙහිව බණ්ඩාරවෙල අධිකරණයේ අතුරුදහන් වීමක් සම්බන්ධ නඩු කටයුත්තක් විභාග වෙමින් පැවති අතර , ඔහු ඊට ඉදිරිපත් නොවී ඩුබායි වෙත ගොස් සිටි නිසා , ඔහුට එරෙහිව එම අධිකරණය මගින් ගුවන් ගමන් තහනමක් පනවා තිබුණි.

ඒ අනුව චාමිකර අද දින රාත්‍රී 06.21 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී.- 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටිය දී , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙසේ මොහු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගත් චාමිකර මෙම නඩු විභාගයට අදාලව බණ්ඩාරවෙල අධිකරණය වෙත භාර දීමට නියමිතය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here