Home Local News Room : කෙහෙළිය යළිත් අත්අඩංගුවට! ~

News Room : කෙහෙළිය යළිත් අත්අඩංගුවට! ~

0
0
 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අනවශ්‍ය ලෙස සේවකයන් හය දෙනෙකු බඳවා ගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. 

මෙම අක්‍රමවත් සේවක බඳවා ගැනීම් හේතුවෙන් රූපවාහිනී සංස්ථාවට රුපියල් ලක්ෂ 143ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here