මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ ශිරාන් බාසික් මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය හෝ බුද්ධි අංශ විශේෂ මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි.
මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස යම්කිසි නාට්‍යමය ස්වභාවයක් පවතින බවට මහවත්ත මහතා සැක පළ කරයි.
මාධ්‍ය මගින් ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින්වුවද, මෙරට අධිකරණයක ඔහුට එරෙහිව ගොනු කර ඇති නිශ්චිත චෝදනා හෝ අධිචෝදනා පත්‍ර පිළිබඳව මෙතෙක් පැහැදිලි අනාවරණයක් සිදුව නොමැති බව ඔහු පෙන්වා දෙයි.
මෙහිදී බරපතල චෝදනාවක් එල්ල කරමින් සංජය මහවත්ත මහතා කියා සිටියේ, හිටපු පොලිස්පතිවරයෙකු විසින් ඉල්ලා සිටි රුපියල් කෝටි 25ක කප්පම් මුදලක් ලබා නොදීම හේතුවෙන් ශිරාන් බාසික්ට මෙම ඉරණම අත්ව ඇති බවට තොරතුරු පවතින බවයි.
පොලිසිය සහ අපරාධකරුවන් අතර පවතින මෙවැනි ගනුදෙනු පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඔහු අවධාරණය කළේය.
පොලිස් නිලධාරියෙකු සහ පාතාල සාමාජිකයෙකු අතර සිදුවූ බව කියන හඬපටයක් පිළිබඳව ද අදහස් දැක්වූ මහවත්ත මහතා, එම හඬපටය මාධ්‍ය සතුව පැවතියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එය විමර්ශනය කිරීමට අපහසු බව පැවසීම හාස්‍යයට කරුණක් බව සඳහන් කළේය.
“ඔහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක සාමාජිකයෙක් නම් හෝ ත්රස්තවාදයට සම්බන්ධ නම්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණ පවත්වා රටට සත්‍ය හෙළි කරන්න. එසේ නොමැතිව පෞද්ගලික අවශ්‍යතා මත මෙවැනි දේ සිදුකිරීම බරපතල තත්ත්වයක්,” යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ පුවත තව අයට බලන්න