Home Local News Room : ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී දිවිගමනට සමුදෙයි ~

News Room : ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී දිවිගමනට සමුදෙයි ~

0
0
Nanda Malini Passes Away

ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත්, ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 82 වැනි වියේ පසුවුණා.

1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළා.

නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිවුණා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටිය ලෙස “රන්මුතු දූව” චිත්‍රපටිය වෙනුවෙන් ඇයගේ කුලුදුල් චිත්‍රපටි ගීතය ලෙස “ගලන ගඟකි ජීවිතේ” ගීතය ගායනා කළ අතර ඩී.ඩී. ඩැනී ගේ සංගීත ප්‍රසංගයේදී ගායනා කරන ලද “බුදු සාදු” ගීතය ඇයගේ සංගීත දිවියේ අති විශාල බලපෑමකට තුඩු දී තිබුණා.

නන්දා මාලනී මහත්මියගේ සංගීත දිවිය තුළ “පෙරදා මහ රෑ”, “පහන් කන්ද”, “සත්‍යයේ ගීතය”, “පවන ගී එකතුව”, “හේමන්තයේදී”, “තාරුකා ඇස්”, “පාවෙනා”, “සින්දු හෝඩිය”, “කිඳුරියකගේ විලාපය”, “මදු බඳුන්”, “හඳහාමි”, “සංඛ පද්ම”, “පෙම්බර ලංකා”, “ග්‍රැමෆෝන් ගී”, “අරලිය ලන්දට”, “නිලම්බරේ” සහ “පිරිත් පැන්” ඇතුළු නිර්මාණ රැසක් සඳහා සිය දායකත්වය ලබාදී තිබුණා.

නන්දා මාලනිය හොඳම සහ ජනප්‍රියම ගායිකාව ලෙස සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Nanda Malini Passes Away

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here