Home Local News Room : පාස්කු ප්‍රහාරයේ බුද්ධි සටහන් පොතක් මතුවෙයි.. CIDය විමර්ශන අරඹයි!...

News Room : පාස්කු ප්‍රහාරයේ බුද්ධි සටහන් පොතක් මතුවෙයි.. CIDය විමර්ශන අරඹයි! ~

0
0
පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශන වලට අදාළව වව්නතිව් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නද්ධ බළකායේ බුද්ධි තොරතුරු ඇතුළත් සටහන් පොතක් සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

තම භාරයට ගන්නා ලද අදාළ බුද්ධි තොරතුරු සටහන් පොත භාරව සිටි ලුතිනන් කර්නල්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කරයි.

තවද, එහි අන්තර්ගත කාරණා පිළිබඳව පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම දැනුම් දීම සිදු කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරීන් වන යසිල් බාවා ජෙගිල් පාස් සහ එස්.එන්. සරත් සමන්ත යන සැකකරුවන් සැප්තැම්බර් (02) වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here